2010/04/18

this z for u...............

අහස පුරා ඇදී යන්න
වලාකුලට ඉඩ හරින්න
සුසුම් සොයා ඇදී එන්න
මඳ පවනට ඉඩ හරින්න
මන්දාරම එලි කරන්න
දේදුන්නට ඉඩහරින්න
ආදරයේ සුවය දිදී
මගෙ හදවත සොරා ගන්න.....

ඇඳුර මකා එලිය දෙන්න
තරු නෙත් යුග හැර බලන්න
සැඳෑ කලෙක හෙමින් සැරේ
සඳු සේ අහසට වඩින්න
හෙවනැල්ලට මුවා වෙන්න
මා අසලම රැඳී ඉන්න
කඳුල මකා සිනහ ගෙනත්
නුඹ මා ලඟ නතරවෙන්න.....

වෙරල වගේ මග බලන්න
සයුර වගේ නිසල වෙන්න
තුරුපත් වී සෙවන දෙමින්
ඉඩෝරයට සිසිල දෙන්න
ගඟක් වගේ ගලා යන්න
ජීවිතයට මඟ කියන්න
මතු මතුවට මගේම වී
මගෙ ලෝකය හැඩ කරන්න......

2010/04/10

නුඹත් එක්ක.....

ඇස් දෙකට නින්දක් නොදී
හැම ආත්මෙකදිම වගේ
මම මගබලාගෙන හිටිය
මේ ආත්මෙදිත්
නුඹ මගෙ ලඟට එනකල්.....
නුඹ ආවා
එත් අතීතයක ජීවත් උනු මට
වර්තමානය අනාගතය හීනයක් උනා
නුඹේ උනුහුම දැනෙද්දි
හිනාවෙන්න පවා මට බය හිතුනා
කඳුල මාව හිරකරගෙන හිටියා
මට ඔන උනා
මම නුඹට ආදරෙයි කියල කියන්න
ඒත්...............
මනුස්ස රූපෙන් තිරිසන්නු ඉන්න ලොකෙක
දිගට හරහට බැට කද්දි
ලොකෙටම පේන්න හුස්ම ගත්තත්
මලමිනියක් වගේ ජීවත් වෙද්දි
නුඹ ගැන හිතන්න පවා මම බය උනා

ඒත් ඔය අහින්සක ඇස් දෙකට වහන් වෙලා
ඈත් වෙලා ඉන්න හැදුවත්
හිනාව මට අත වනන්න ගත්ත
ජීවිතය මට දොරගුලු අරින්න ගත්ත

මම නුඹ ලඟ නැවතුන
මොහොතකට නෙවෙයි.... හැමදාටම
එක පාරක් නුඹේ ඇස් දිහා බැලුව
ආයෙත් බැලුව
මගේ ඇස් ඉවතට ගන්න හැම වෙලේම
අයෙත් නුඹෙ ඇස් අතරෙ මම රින්ගුව
ඒ නුඹව විශ්වාස කරන්න නෙවෙයි
නුඹට ආදරෙය කරන්න හෙතුවක් හොයගන්න

හේතුවක් ලැබුනා
ඒ මම නුඹට ආදරෙයි කියන දේ විතරයි

ඉඩෝරෙ ඉවරවෙලා
වැහි වලාකුලු පිරිල
මහ වැහි වහිද්දි
කාලෙකට පස්සෙ වතුර පොදක සීතල දැනුනු පුන්චි එකෙක් වගෙ
මමත් ඒ ආදර වැස්සට තෙමි තෙමි හිටිය
තනියම නෙවෙයි
කාලෙකට පස්සෙ හීනියට හිනාවකුත් එක්ක
අනන්තයක් තරම් ආදරයක් මට දෙන
නුඹත් එක්ක......නුඹේ අහින්සක හිනාවත් එක්ක....