2010/07/28

නැගෙන හිරු නුඹයි - පිපෙන මල මමයි
අඳුරු රැය නුඹයි - රැයට තරු මමයි
ගලන ගඟ නුඹයි - විටෙක සැඩ තමයි
වරෙක නිසසලයි - හමායන සුලඟ සේ

සෙනෙහෙ විල නුඹයි - විලට දිය මමයි
මලෙක රොන් නුඹයි - රොනට බිඟු මමයි
සයුරු තෙර නුඹයි - ක්ෂිතිජ ඉම දුරයි
නැගෙන රැලි හැඩයි - නුඹේ හසරැල්ල සේ

කඳුලු බිඳු මකයි - සිනා මල් ගොඩයි
සතුට සුන්දරයි - රැදුනු සිත මගෙයි
දිලෙන සඳු නුඹයි - විටෙක පෙම්බරයි
වරෙක පින්බරයි - අපේ ආදරය සේ