2010/04/18

this z for u...............

අහස පුරා ඇදී යන්න
වලාකුලට ඉඩ හරින්න
සුසුම් සොයා ඇදී එන්න
මඳ පවනට ඉඩ හරින්න
මන්දාරම එලි කරන්න
දේදුන්නට ඉඩහරින්න
ආදරයේ සුවය දිදී
මගෙ හදවත සොරා ගන්න.....

ඇඳුර මකා එලිය දෙන්න
තරු නෙත් යුග හැර බලන්න
සැඳෑ කලෙක හෙමින් සැරේ
සඳු සේ අහසට වඩින්න
හෙවනැල්ලට මුවා වෙන්න
මා අසලම රැඳී ඉන්න
කඳුල මකා සිනහ ගෙනත්
නුඹ මා ලඟ නතරවෙන්න.....

වෙරල වගේ මග බලන්න
සයුර වගේ නිසල වෙන්න
තුරුපත් වී සෙවන දෙමින්
ඉඩෝරයට සිසිල දෙන්න
ගඟක් වගේ ගලා යන්න
ජීවිතයට මඟ කියන්න
මතු මතුවට මගේම වී
මගෙ ලෝකය හැඩ කරන්න......

6 comments:

Raven said...

ලස්සනයි පදපෙළ.
සුබ උපන්දිනයක් වේවායි පතනවා ඔහුට.

Anonymous said...

සින්දුවක් වගේ කියන්න පුළුවන්.

Unknown said...

දානයක් දුන්නනම් නරකද? හික්ස්
විහිළුවට කිව්වේ. සාදු කපල් එකට සුබ පැතුම්.

ජීවිතේ මල් said...

සරල සුන්දර පද පෙලක්... ලස්සනයි....

Anonymous said...

නියම්යි... මගේ සුබ පැතුම් උපන්දිනයට...

දිනුෂි said...

@ Raven....
bohoma sthuthiyiiiii

@ anonymous...
bohoma sthuthiyi .. habayi namath ekkama dammanam thamay hoda... lol

@ Basanna...
lol... thanku thanku... kawadahari matath oya wage wihiluwak karanna puluwan wena dawasak ey ne neda... edata balamuko...

@ Jiwithemal...
thanku thanku...

@ wihagige sithuwili...
bohoma sthuthi....