2012/12/16

 
අතීතයෙ මං ලකුණු මකා සිත සනසලා
පලා ගිය සිනා ගෙන දී දෝත පුරවලා
සලා නෙතු පිය සලා යලි හදට ලං වෙලා
නුඹ හිඳී මා සමඟ හෙටක පෙරමං බලා

වෙලී දෑඟිලි තුඩින් උණුසුමට ගුලි වෙලා
සතුට සැනසුම අතර සෙනෙහෙ සුව රන්දලා
නෙතින් දොඩමලු වෙමින් මුවින් මදහස සලා
පාට පාටින් සිහින නුඹ යලිත් එලි කලා

එලිය දී මගෙ ලොවට පහන් කන්දක් වෙලා
කඳුලු ගංගා වලින් සිනා අස්වද්දලා
නොනිමි සෙනෙහසට යලි යලිත් අරුතක් වෙලා
පෙර සසරෙ පුරුදු ලෙස නුඹද මා එක් වෙලා

1 comment:

SilentSahan said...

godak lassanai ..digatama liyanna..enawa balanna....