2009/12/07

නුඹ ලස්සන හීනයක්............

නිදි වරන නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්............

ඉටු නොවෙන බව දැන දැනත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්........

දෑඟිලි පටලගෙන පියනොමැන්නත්
ලැමදට තුරුල් වෙලා නොහිටියත්
ආසවෙන් බලාගෙන ඉන්නපුලුවන්
ලස්සන හීනයක්.........

ආදරේ හිතයට තදකරගෙන
මුලු ලෝකෙම රවට්ටල මාවත් රවට්ටන
නුඹේ අහින්සක හිත
වැටකඩුලු වලින් රින්ගල
මේ හිතලඟ තනිවෙන්න හදද්දි
නොතේරුනා වගේ හිටියත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්

නුඹේ අහින්සක ඇස් දෙකට වහන් වෙලා
නුඹේ හිතට ලන්වෙන්න පුලුවන්නම්
ජීවිතේ පුරාවටම නුඹේ වෙන්න
හීන දකින්න අවසර නෑ මට

ඒත් නුඹ ලස්සන හීනයක්
නිදි වරන මගේ නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්..........

8 comments:

Priyankara Perera said...

ලස්සනයී ! ,
හෑබෑටම කව්ද මේ සිහිනය ?

පබලු said...

හීනයක්..NuBa..ලස්සන හීනයක්...
හීන තියෙන්නෙ දකින්න...හීන දකින අයගෙ හීන හැබැවෙනවා..

ලස්සනයි!!!

budhajeewa said...

ලස්සනයි.

Ravimal said...

ලස්සනයි

රිසි නොරිසි බව
හෝ අනවසරය
කම් නැත
උන්ට රිසි සේ
මැවෙයි නෙතඳර

malee_msg said...

ඇත්තටම ලස්සනයි..

මල්$han said...

ඇත්තටම හදවතට වැදුනා..

Unknown said...

This suits for me more than u

Anonymous said...

හ්ම්. හ්ම්. ගොඩක් දේවල් කියවෙනවා මේ කවියෙන්. ලස්සනම ලස්සනයි.