2010/03/19

නුඹ මා ලඟ රැඳුනා ........

තරු දිලුනට නිල් අහසට
තරු ඈතයි රැඳෙන්නේ
මල් පිපුනට අතු අද්දර
පරවී පෙති ගිලිහුනේ
සඳ නොදුටුව අමාවකේ
අඳුරයි නෙතු තනි කලේ
නුඹ ඇවිදින් තනිවුනු සිත්
අහසක් යලි එලි කලේ

කඳුලු බින්දු හන්ගා
නෙතු සිනා කැකුලු රන්දා
මල් සුවඳෙ සුසුම් රන්දා
ආදර සුව මම වින්දා
සිත් සන්තානේ නැවතී
නෙතු අද්දර නුඹ තනිවී
සෙනෙහස මෙයැයි කියදී
නුඹ මා ලඟ රැඳුනා ........

3 comments:

බිඟූ said...

මට තේරුන විදියටනම් අදහස් දෙකක් කවි දෙකෙන් කියැවෙන්නේ.
කොහොමද ඒක වෙන්නේ...
පොඩ්ඩක් කිව්වොත් මම සතුටු වෙයිද මන්දා...

/බිඟුවා...!

Raven said...

ලස්සනයි මේ කවි නිර්මාණ.ඔබට ජය.

දිනුෂි said...

@ binguwa
hmmmmmm... ou... jiwithaye awastha dekak.... habay dekema sambandayak thiyanawa

@ raveen
thanku thanku.....

@local taboo
we are srilankans.....