2010/03/02

මගෙ හිත ලඟ රැඳුණා......

වෙල් එළියේ ඇල් පවනට නුඹේ සුසුම් මුසුවුණු දා
ගිණියම් වූ හිත් මඬලට මල් වැහි වැටුනා
මතකයි නුඹෙ තරුනෙත් රෑ අහසේ දිලුණා
සඳ නොනැඟුණු අමාවකට අහසේ දිලුණා
හිත් අහසේ දිලුණා......

වසන්තයේ මඳ පවනට නුඹේ සුවඳ මුසුවුණු දා
මල් නොපිපුණු හිත් යායේ කැකුළු පීදුනා
මතකයි නුඹෙ ආදරයේ සුවඳ පැතිරුණ
නුඹ සිහිවෙන හැම විටෙකම සුවඳ පැතිරුණා
නුඹෙ සුවඳ පැතිරුණා......

සිනාවකට ඉඩක් නොදී කඳුලක් නෙත නැවතුණු දා
බිඳුණු හිතක හීන සොයා නුඹෙ සිත ඇදුනා
මතකයි නුඹ සිනාව ගෙන මගෙ ලඟ රැඳුණා
නිමක් නොදුටු සසර පුරා මගෙ ලඟ රැඳුණා
මගෙ හිත ලඟ රැඳුණා.....

1 comment:

චමිදේවා said...

අපි දෙමුද මේක කාටහරි ගයන්න කියලා....