2010/06/06

This is for u.......

දෑස පුරා පිරි කඳුලැලි අතර රැඳී
නින්දේ නොනින්දේ හෙළු දුක් සුසුම් පොදී
ඇල් සුළඟකට මුසු වීගෙන හමා ඇදී
නුඹේ හිතත් හැඬවූවා රිදුම් දිදී

මා නෙතු මතින් සෙවනක් නොදුටුව දෑසේ
උණු කඳුලැලි පිරුනිදෝ මා වෙනුවෙන් රහසේ
නොදුටුව ලෙසින් සිටියද මඟහැර පෙරසේ
ඇඳුනා නුඹේ රුව යලි යලි මා මනසේ

තරු මල් දිලෙන සඳ සුදිලෙන අඳුර මැදින්
විල් දිය මතින් පූදින මල් සුවඳ ලෙසින්
මා සිත ලඟම දැවටී නුඹ සෙනෙහෙ සිතින්
තනි නොතනියට ලඟ සිටියා පියෙකු වෙමින්.....

4 comments:

දිල් said...

හැගීම්බර පද ටිකක් දිනූ

දුකා said...

ප්‍රේමණීය පද වැලක් . .

කවියක් ලියද්දී කරන්න අමාරු ම කාරිය කියලා මට හිතෙන එලිවැට රකින එකත් අපූරුවට කරලා කරලා තියෙනවා.

ජය . .. . !

Anonymous said...

ලස්සනයි... කවුරු ගැනද ලිව්වේ

Anonymous said...

ලස්සනම ලස්සනයි....