2010/05/28

මතකයි

සෙනෙහස නොදැණුනු හිතලඟ තනි වී
නුඹෙ නෙතු හැඬුවා මට මතකයි.....
කඳුලක හිරිකඩ සුසුමක දැවටී
හිතමත හැමුවා මට මතකයි.....
අඳුරක තනි වී මැලවුණු නෙතු මත
හිරු කිරණක් වැටුණා මතකයි....
අමාවකට හඳ පායන විලසින්
නුඹ මාවෙත ආවා මතකයි........

සිත් මලුවේ පරවුණු මල් වෙනුවට
සුපිපි නෙලුම් දිලුණා මතකයි.....
පහන් වැට පුරා දැල්වූ පහනින්
සිතක් එලිකලා මට මතකයි....
පුරහඳ රෑ තරු දිලෙනා තරමට
මා නෙතු හැඬුවා මට මතකයි....
මුහුණ හොවා නුඹෙ ලයමත සැතපී
නුදුටු ලොවක් දුටුවා මතකයි.....

4 comments:

Unknown said...

කවිය හොඳයි. ඔයාගේ කවිත්වය පෙන්නලා තියනවා. හැබයි පොඩි උපදෙසක් දෙන්නම්. හැමදාම ආදරෙන් වෙලිලා ඉන්න එක ගැනම නොලියා තව මාතෘකා හරහා ඔයාගේ නිර්මාණාත්මක හැකියාව උරගා බලන්න. මාර්ටින් වික්‍රමසිංහ මඩොල් දුව ලියල නැවතුනේ නෑ. ගම්පෙරලියත් ලිව්වා. එකී විවිදත්වය ඔයාගේ පාඨකයෝ රසවිදින්න අසා වෙයි.

මෙතන ඇවිත් පඬි කතා කියවනවා නේද?

දිනුෂි said...

@ chamika

k k innako thawa ewa liyannam... thanku thanku advice ekata....

Unknown said...

ඈ මට මතක නෑනෙ
හික් හික්...

දිනුෂි said...

@ basanna

hari shok.... :)