2010/05/23

හඳේ ඉන්න හාවා....


හඳේ ඉන්න හාවා
පොලව දිහා බලාගෙන ඉන්නව...
ඌ දඩයම් කරගන්න පුලුවන්නම්....
පුලුවන්නම් නෙවෙයි මට පුලුවන්...

ගෙනාවා ඊතලේකුයි දුන්නකුයි
අදත් බලාගෙනම ඉන්නවා
හරියට එල්ල කලා
එල්ලෙ ගන්න විතරක් අවුරුදු ගානක මහන්සියක්

මහන්සිය වගේද....
හඳේ ඉන්න හාවා ලැබෙනවනම්...

දුනු ශිල්පය දැන් මට කජු කනව වගේ.....
දවසක්....රෑ
පරිස්සමට දුන්නෙන් ඊතලය නිදහස් කලා
හඳේ ඉන්න හාවට එල්ල කරල

එත්..?????
හඳේ හාවෙක් නැතිලු....?????

කමක් නෑ....
මම දැන් දුනු ශිල්පය දන්නවනේ....

6 comments:

kesh said...

ඔයාට අඩුමතරමෙ දුනුශිල්පෙට අමතරව හඳේ එළියවත් තියෙනව ඒත් අපේ ලෝක වලට හැමදාම අමාවක

හා පැටික්කි (MS) said...

මට බය හිතෙන්නේ ඔන්න ඔව්ව ඇහෙන දකින කොට තමා....... ;) ;)

අමුතුම සිතුවිල්ලක් ලස්සනයි.......

budhajeewa said...

ම්ම්ම්... මේක කොහොම ඉන්ටර්ප්‍රිට් කරගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. :)

Isuru Wijesinghe said...

@ කේෂාන් ඒකනම් ඇත්ත තමයි මචන්.

මේ කවිය ගොඩක් ලස්සනයි. ඒත් ටිකක් තේරුම් ගන්න බෑනෙ. ඇත්තම හඳ ගැනද නැත්නම් වෙන දෙයක්ද මේ කවියෙ වස්තු බීජය

Unknown said...

ඕකම ඔයා පෙම්වතාටත් කරයිද දන්නේ නෑ. අන්තිමට කියයි
කමක් නෑ....
මම දැන් ආදරය කරන්න දන්නවනේ ....
කියලා

දිනුෂි said...

@ chamika

ඒක ඔයාගේ යාළුවගෙන්ම අහලා බලන්නකෝ...........