2010/09/17

එන්න

සිතුවිල්ලක වෙලී හුදකලාවක
නුඹේ නෙත් යුග අතර දැවටී
සිනාවක සේයාවක් සොයා
ඇවිද යන්නට
අවසරදුන් ඇසිල්ලක
නවතින්නට සිතුනුමුත්

පවුරු බැඳි එක්ටැමින්
එහා ලොව මට අවැසි නොවුනද
එක්ටැම නුඹට අවැසිවේ නම්
එන්න මා රැගෙන යන්න
නුඹ මා දුටු සිහිනයට

කඳුලකට තනිරකින
පරවුණු හිතක්
නුඹ පමනමයි පිලිසරන
දැන දැන ඇයි පමාවක්
එන්න නවතින්න මොහොතකට
කල්පයක් සේ දැනෙන්නට