2012/10/20

 නුඹත් නෑ සඳුත් නෑ

නිවෙන යලි දිලෙන තරු නොමියෙනා තුරාවට
සිහිනයේ තනිවෙනා අඳුරු රැය පුරාවට 
නෙතු අතර කඳුලු බිඳු කල්මරන වෙලාවට
නුඹත් නෑ සඳුත් නෑ මගේ හුදකලාවට

ගඟක් සේ ගලාවිත් නතරවී මා සිතේ
සිසිල සදනා තුරා හමන මද මාරුතේ
දෙතොල් පෙති මත රැඳුනු සිනා නෑ අද වතේ
පමා වූ නුඹේ රුව ඇඳුනි මා නෙතු මතේ

පුරා පෙරුමන් සසර බලා නුඹ එන තුරා
සරා සඳ මියැදුනා යලිඳු නුඹ එන තුරා
පාරවා හිත් මඬල පහන් වූ රැය පුරා
නුඹ ගියා නොයෙන්නට මා සිහින ගෙන සොරා