2009/09/19

පොඩිම පොඩි ආරම්භයක්..........


ජීවිතේදි ගොඩාක් තනිවුනු වෙලාවලදි මගේ හිතට දැනෙන පුං
චි පුංචි සිතුවිලි කවිපේළි වලට නගන එක පුංචි කාලෙ ඉඳලම මට තිබුනු පුරුද්දක්.. ඒ කවි යාළුවන්ට දීලා අදහස් අරගන්න එකත් මගේ පුරුද්දක්.. එයාල මගේ කවි ගැන කතාකරද්දි හිතට ටිකක් විතර ආඩම්බරයකුත් ආවෙනැතුවම නෙවෙයි.. කැම්පස් එන්න ටික දවසකට කලින් මම ලියපු කවි පොත මගේ යාළුවෙක්ට දුන්න තියාගන්න.. මට හිතුනෙ කැම්පස් එක කියන්නෙ තනිකමක් දැනෙන තැනක් වෙන එකක් නෑ කියල.. ඒක නිසා ආයෙත් මට කවි ලියන්න ඕන වෙන එකක් නෑ කියල..

ඒත් ජීවිතේදි සමහර වෙලාවලදි අපිටත් නොදැනිම අපි තනිවෙනව.. අම්මගෙන් තාත්තගෙන් අක්කලාගෙන් ඈත් වෙලා ඉඳිද්දි අපිට කවුරු හිටියත් වැඩක් නෑ..

මහා සාගරයක් වගේ යාළුවො ඉඳිද්දි මගේ ජීවිතේට ආයෙත් හෙමින් හෙමින් තනිකමක් රිංගන්න පටන්ගත්ත.. ඒ වෙලවෙදි තමයි මට මගේ පුංචි කවිපොත මතක් උනේ.. අමතකවෙලා තිබුනු මගේ කවිපොත ආයෙත් මගේලඟට ආව.. අලුතෙන් එකම එක කවියයි ලිවුවෙ..

දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන්නෙ ඇයි මම බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තෙ කියල.. මම කැමතියි ඔයලගෙ අදහස් වලට.. මගේ කවි ගැන ඔයාලට හිතෙන හැමදේම දැනගන්න මම කැමතියි.. මම මගේ කවි වලින් කැමතිම කවියෙන්ම මගේ බ්ලොග් එක පටන්ගන්නම්...............


සතර දිගින් අඳුරු වළා නිල් අහසේ පැතිර ගියා
පෑල දිගින් නැගි තරුකැට සඳුත් එක්ක බොඳව ගියා
විල් දිය මත පිපුනු නෙලුම් මල් දහසක් පරව ගියා
කඳුලු දිදී නෙතුමත්තට සිනාව මා අතැර ගියා

වසන්තයේ මල් සුවඳක පැටලී ආදරය සොයා
මගෙ හිතලඟ නැවතුනු නුඹ යලි වෙනතක ඇදී ගියා
නිල් කඳු අතරේ දැවටුනු මීදුම් සලු අතර තියා
නුඹෙ රුව රහසේ සඟවමි යලි නෙතු නොගැටෙන්න කියා

සිහින ලොවේ දොරගුලු බිඳ මන්දාරම් අඳුර සොයා
ගැබ්බර වූ අහස පුරා ගිගුරුම් හඬ වැතිර ගියා
වසන්තයක අවසානේ වස්සානේ නිමිති තියා
යලිත් වසන්තයක් ඇවිත් නුඹ වාගෙම යන්න ගියා.........

4 comments:

Anonymous said...

All the best Dinu nangi

Its really nice to see a new face on this cyberspace and specially a new face to strenghthen the blogging batalion of UCSC.

Cheers!!!

Gayan Garuisinghe

දිනුෂි said...

thank u very much aiya...thank u....

Unknown said...

කවි කතා , කඳුළු කතා මොනව උනත් මුලින්ම කියන්න ඕන සිංහල බ්ලොග් ලියන්නන් අතරට සාදරයෙන් පිළිගන්නවා. උඹේ බ්ලොග් එකත් සින්ඩියට එකතු කලානම්.

http://www.feedburner.com/
මේකට ගිහිල්ල RSS feeds හදන්න

http://blogs.sinhalabloggers.com/add-blog/
මෙතනින් පුළුවන් බ්ලොග් එක සින්ඩියට එකතු කරන්න.

එහෙනම් ජය වේවා...

Anonymous said...

යලිත් වසන්තයක් ඇවිත් නුඹ වාගෙම යන්න ගියා....ලස්සනයි ! ! !