2009/09/24

**************ඇරඹුමක මතකය*******************

මුල පුරන්නට කලින් නිමා වුණු සෙනෙහසින්
සිත පුරා දුක් කඳුලු රැඳී ඇත නුඹ නමින්
ලෙන්ගතුයි නෙතු තවම නුඹෙ රුවට පෙර ලෙසින්
තවම මම ආදරෙයි සදා නොවෙනස් සිතින්

ආත්මය වෙලාගෙන සිහිනයේ දැවටෙමින්
ලංවුනේ නුඹයි මගෙ සිත් සයුර කලඹමින්
මොහොතකටවත් මගේ හද මැදුරෙ නොරැඳෙමින්
නුඹ මගේ ජීවිතෙන් කල්පයක් ගෙනගිහින්

4 comments:

Unknown said...

ම්ම් ඔය හැඟීම ගැන මට ඇත්තටම හිතෙන දේ මෙතන ලියන්න බෑ. සමහරක් වෙලාවට හැඟීම්බර වෙන එක එච්චර හොඳ ප්‍රතිපල දෙන්නෙ නෑ. කියන්න තියෙන්නෙ මුල පුරන්නට කලින් නිමාවුනු සෙනෙහස. ලස්සනයි පද ටික.

සු said...

සිංහල බ්ලොග් අවකාශයට ආදරෙන් පිළි ගන්නවා.
තව ලියන්න
කල් අරන් කතා කරමු එ්වා ගැන

දුකා said...

lassanai . . .

සිංහ said...

හමුවන්නටත් පෙරම
වෙන්ව ගිය ඔහු නිසා
නොහඬන්න, දිනුෂියනි,
නොහඬන්න ඉකි ගසා...

ඔය කඳුලු ඉතිරි කර
‍රැක ගන්න නෙතු වසා
ඉදිරි දිවියෙහි යළිත්
හඬන්නට ඇති නිසා...