2009/10/14

තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

දහඩිය වගුරුවා දහවල් ගිනි අවුවේ
බඩගින්නට වතුර විතරයි නුඹ බිව්වේ
අම්මා උනත් මට ලේ කිරි කර පෙව්වේ
තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

සතයක් සොයන්නට නුඹ විඳි දුක් ගොන්න
අමතක කර දමා මට සුර සැප දුන්න
තාත්තේ නුඹට සැප සම්පත් දෙන්න
පින්දම් පුරමි නුඹෙ පුතු වී ඉපදෙන්න

සැන්දෑ කලුවරේ නුඹ ගෙට ගොඩ වෙන්නේ
සුරතල් බසින් නැත නුඹ මා අමතන්නේ
සිතුනත් ආදරය නැතිබව මට දුන්නේ
මට දැන් තමයි නුඹ විඳි දුක් වැටහෙන්නේ

ඡායාවක් වෙමින් නුඹ මගෙ හිත අස්සේ
අත්වැල උනා මගෙ ජීවන මඟ ඔස්සේ
කඳුලු එකින් එක සඟවා නෙතු අස්සේ
සිනා ගෙනෙමි නුඹෙ දිවියට මින් පස්සේ

6 comments:

දුකා said...

woooow . . maara ma lassanayi mekath . .. . . mage ahata kadulakut awa meka kiyawala. . . . niyamai

දිනුෂි said...

@duka
godaak isthuthiy.....oyalage comments mawa thawath dirimath karanawa...

වැප් said...

1.දහඩිය වගුරුවා දහවල් ගිනි අවුවේ
2.සතයක් සොයන්නට නුඹ විඳි දුක් ගොන්නේ
4.ඡායාවක් වෙමින් නුඹ මගෙ හිත අස්සේ
3.සැන්දෑ කලුවරේ නුඹ ගෙට ගොඩ වෙන්නේ

Unknown said...

තාත්තා කෙනෙක් විඳින දුක දරුවෙකුට තේරෙනවා අඩුයි. ඒත් තාත්තා කියන්නෙත් අම්මා වගේම අපිව උස් මහත් කරලා හොඳ තැනකට ගේන්න අනේක දුක් විඳින කෙනෙක්. ඒ දේවල් මේ පද පෙළ සංවේදීව මතක් කරලා දුන්නා.ලස්සනයි.

ගීත් (සහෘදයා) said...

දුකා බලාගෙන ගියහම තාත්තලාට ආදරේ අයත් ගොඩක් ඉන්නව නෙ නේද? මට හිතෙන්නෙ අම්මලාට වඩා ගොඩක් අය තාත්තලට ආදරෙයි වගෙ භාහිරින් නොපෙන්නුවාට. අපි සංවිධානයක් ගොඩ නගමුද "Daddy Lovers Organisation" හරි "පිය සෙනෙහස් සංවිධානය" වගෙ මොකක් හරි කියලා. එතකොට අම්මල තරහ වෙයි නේද. ඒ යොජනාව මා ඉල්ලා අස්කර ගතිමි. ආහ් මේ නිර්මාණයත් ගොඩක් හොද සංවේදී නිර්මාණයක්.

www.geethge.blogspot.com

ආගන්තුකයා | Stranger said...

මට මේක කියෙව්වාම අමරදේවයන්ගෙ "තාත්තා වුනත් " සින්දුව මතක් වුනා.. ලස්සනයි..