2009/10/22

............. සෙනෙහසට නිමාවක් .............

සැඟවුවත් නොසන්සුන් මා දෙනෙත ඔබ වෙතින්
හද හඬයි නොනැවතී නොදැක ඔබෙ රූ දසුන්
නෙතු පියන් සැලෙන විට හද පිරුනු සෙනෙහසින්
ලොවම නිසසල කලා රාවදුන් ඔබෙ හදින්

නෙතින් පෑ ඉඟි බසින් ඔබ වෙතට ළං වෙම්න්
සුමුදු බස් තෙපලන්න ඉඩක් නැත හදවතින්
නොයිදින්න ආයෙමත් පෙරමගට වී බලන්
සෝ පවන් ඇදෙනු ඇත මහද සුසුම්න් උපන්

හඬන්නට දෑසතුල පොරකකා කඳුලු වැල්
බලා හිඳිනා විටෙක කෙලෙස සඟවමි තැවුල්
කියන්නට හදෙහි
ති මුදු වදන් වී අවුල්
ගලපන්නෙ කෙලෙසින්ද ගොලුව ඇත මා දෙතොල්

අන්ධකාරයක බැඳි ආදරය නුඹ නමින්
නුරාවක් නොවේ එය අචින්ත්‍යයි පෙර ලෙසින්
සඟවන්න සිතපුරා පිරි හැඟුම් මා නමින්
අපට බැහැ එක් වෙන්න දෑත් බැඳ සෙනෙහසින්

5 comments:

නරකයා....!! said...
This comment has been removed by the author.
නරකයා....!! said...

සිතිවිල්ල තේමව හැඟුම සමයි වෙනස......
කාලය එපමනයි.....................ලෝකයා..........

Dasun Wanaguru said...

''අන්ධකාරයක බැඳි ආදරය නුඹ නමින්''

වැප් said...

"අපට බැහැ එක් වෙන්න දෑත් බැඳ සෙනෙහසින්"

Unknown said...

"නුරාවක් නොවේ එය අචින්ත්‍යයි පෙර ලෙසින්"
ඒකයි වටින්නෙ