2009/10/11

තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

සිත් පුරාවට පීදෙනා දරු පෙමක හසරැල්ලේ
හැංගුනා දුක් කඳුලු එකිනෙක සෙනෙහෙ ගඟුලැල්ලේ
දෙපා සවිබල උරුම ලද්දෙමි දිවියෙ අරුණැල්ලේ
තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

නුඹේ දහඩිය බින්දු අහසට නැගුණු විට පිණිසේ
මතුවුණා සුදු වළා පෙළ දුර පෑල දිග අහසේ
වැටුණු විට ඉරිතැලී ගිය මහ පොළව වෙත වැසි සේ
දැනුණි නුඹෙ සිත පුරා නැගි දරු සෙනෙහෙ සුවඳක් සේ

දෙවුරු තල මත නැගුණු මැදුරෙහි පැතුම් හැම පිරුණයි
වාසනාවේ සිහින සිතුවිලි හද තුලෙහි බෝමැයි
පලා යන්නට නොහැකි දිවිමග කටු කොහොල් වේමැයි
නුඹේ අත්වැල සවිය කර මා දිනනවා සත්තයි

5 comments:

Prabath Chaminda said...

"දෙවුරු තල මත නැගුණු මැදුරෙහි පැතුම් හැම පිරුණයි"
තාත්තා කෙනෙක් විදියට මට තවම මේ දේ නම් කරගන්න බැරිවුනා

හදවතට දැනෙන පෝස්ට් එකක් ස්තූතියි.
තවත් ලියන්න...

Unknown said...

මොනව කියන්නද?
ලස්සනයි.

සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදුබව ලබනා පියවරු වෙසෙනා
පූජා...පූජා වේවා.....

දුකා said...

හරිම ලස්සනයි . . හැඟීම් බරයි . . .මමත් පිය සෙනෙහස ගැන පෝස්ට් එකක් ලිව්වා ඒකත් බලන්න පුලුවන් උනොත් . . . එක ඉල්ලීමක් . . මේ කවිය මගේ පිය සෙනෙහස ගැන ලියපු පෝස්ට් එකට කමෙන්ට් එකක් ලෙසට අර ගන්න අවසර දෙන්න පුලුවන්ද . . ?

http://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html

වැප් said...

අද වෙන කල් ගොඩක් කියෙව් ....
හෑලි,පල් හෑලි,පටට් හෑලි වෙනත් ....
දෙවනියට කියවපු, හිතට වදින නියම හැල්ල...........
අම්මා ගැනත් එකක් ලියන්න !!!!!!!!!!!

දිනුෂි said...

@ duka....
no problem .take this as a comment........

@wap
i posted one about mother.... u can read it ....

@ravi& prabath
thank u ravi.....prabath