2009/11/17

හෙවනැල්ල

නුඹට නොපෙනෙන්න සැගවුණා තමයි
ඒත් නුඹ මගේ හෙවනැල්ල කියල
මට අමතක උණා.....

මගේ පස්සෙන්මයි....
ඒත් තවම නුඹ අඳුරුයි....

කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....

කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....

හිතෙ තියන මහා ලෙන්ගතුකමට
මගේ ලඟ හිටියට
කිසිම වෙලාවක පෙන්නුවෙ නෑ
හෙවනැල්ල මට ආදරෙයි කියල

හෙවනැල්ල මාව දාල ගියොත්
මගෙ තනියට කවුද ඉන්නෙ?????????

6 comments:

Ravin Caldera said...

එය ඇත්ත, හෙවනැල්ල කිසිදා නොවීම සිතට සැනසුමක්...එහෙත් හෙවනැල්ල අපගේ ම ජීවිත ප්‍රක්ෂේපනයක් නොවේ ද?

Ravin Caldera said...

ඔබ හරී; එහෙත් ඝනදුරු රාත්‍රියට, අලෝකය නැති අදුරු අවස්ථාවන්හි හෙවනැල්ල නෑ නේ ද? ඒ නිසයි මං හිතන්නේ, පාලුව, තනිකම, වේඳනාව, කඳුළ රාත්‍රියට මිතුරු වෙන්නේ.

Ravin Caldera said...

දිනුෂි, ඔබේ නිරීක්ෂණය නිවැරිදි යි. හැබැයි බොහෝ විට හෙවනැල්ල සිටින වග අපටත් අමතක වෙනවා; නිතර නිතර හෙවනැල්ල පස්සෙන් ද? හොඳින් ඉන්නවා ද? කියලා සැලකිලිමත් වන්නේ නැහැ නේද දිනුෂි. ඔබ කිව්වා වාගේ ම, අනෙක් අත, අප සමහර මිනිසුන්ට සලක්න්නේත් හෙවනැල්ල වගේ. අපට හිතුනු විට ආදරය කරනවා, ‍බොහෝ විට අමතක කර, ඔහේ අපේ වැඩේ කරගෙන යනවා. සමහර විට ඇස් හැර, බැලුවහොත් මෙවන් සහෘදයන් රාශියක් ඔබට දැකගත හැකි වේවි. මෙවැනි හෙවනැලි දෙස පරිස්සමෙන් බලා ස්තූති කියන්න; කෘතඥතාවය පළ කරන්න. සමහර විට දෙමාපියන්, මිතුරන්, ඥාතින් අප කුමක් කළත්, අමකත කර අත්හැරියත් හෙවනැල්ල වගේ පසුපස නිහඬ ව තනියට සිටිනවා. සමහර විට අපට නොපෙනුනාට, අපේ ප්‍රශ්න (අපි විසින් මවා ගත්, පුම්බා ලොකු කර ගත්) සහෘද හෙවනැල්ල මත ඡායාවන් පතිත කළත්, කාර්යය බහුලත්වය නැමති වදුලෙන් ආවරණය කළත්, ලාවට, පෙනෙන නොපෙනෙන මානයේ ඔවුන් අප සමඟ තනියට සිටිනවා. දුක්‍ නොවෙන්න ඔබ තනි නැහැ. අපිමයි විහින් තනි වන්නේ... මෙතන තමයි මගේ ජීවිතෙත් වැරදුන තැන. පසුගිය වසර කිහිපයේ, මගේ උත්සහත් මෙවන්නන්ට ස්තුති කරන්නත්, සංවේදී කෘතවේදී පුද්ගලයකු විමටත් ය.

"සමහර මිතුරෝ කලකට පමණක් ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය." (හිතෝපදේශ 18:24).

දිනුෂි said...

@ravin
eka aththa... oya kiyapu deyin mama godak loku deyak igana gaththa.... aththatama bohoma sthuthiyi....

Ravin Caldera said...

You are most welcome!!!

kesh said...

ලස්සන අදහසක්..... මටත් ඔහොම හිතෙනව...අනේ මංද...