2009/11/19



කඳුලු බිංදු සඟවගන්න
සිනා කැකුලු මල් පිපෙන්න
සිත් යායේ හමා ඇදෙන
සුවඳ දිගේ ඇවිද එන්න

සඳ හිරු තරු අතර යන්න
වළා අතර සැඟව ඉන්න
පියා සලා ඉගිල ඇවිත්
නුඹෙ ලමැදට තුරුලු වෙන්න

හීන අතර සැරිසරන්න
නොනිදන නෙත් මත රැදෙන්න
නුඹ රහසින් ගෙනගිය හිත
යලි ගෙනැවිත් මටම දෙන්න..........

1 comment:

Ravin Caldera said...

හරි ම ලස්සන යි. චිත්ත රූපයක් මැවෙනවා! හරි චමත්කාර ජනක යි; කවුරු ගැන ද ලීවේ?