ඇස් දෙකට නින්දක් නොදී
හැම ආත්මෙකදිම වගේ
මම මගබලාගෙන හිටිය
මේ ආත්මෙදිත්
නුඹ මගෙ ලඟට එනකල්.....
නුඹ ආවා
එත් අතීතයක ජීවත් උනු මට
වර්තමානය අනාගතය හීනයක් උනා
නුඹේ උනුහුම දැනෙද්දි
හිනාවෙන්න පවා මට බය හිතුනා
කඳුල මාව හිරකරගෙන හිටියා
මට ඔන උනා
මම නුඹට ආදරෙයි කියල කියන්න
ඒත්...............
මනුස්ස රූපෙන් තිරිසන්නු ඉන්න ලොකෙක
දිගට හරහට බැට කද්දි
ලොකෙටම පේන්න හුස්ම ගත්තත්
මලමිනියක් වගේ ජීවත් වෙද්දි
නුඹ ගැන හිතන්න පවා මම බය උනා
ඒත් ඔය අහින්සක ඇස් දෙකට වහන් වෙලා
ඈත් වෙලා ඉන්න හැදුවත්
හිනාව මට අත වනන්න ගත්ත
ජීවිතය මට දොරගුලු අරින්න ගත්ත
මම නුඹ ලඟ නැවතුන
මොහොතකට නෙවෙයි.... හැමදාටම
එක පාරක් නුඹේ ඇස් දිහා බැලුව
ආයෙත් බැලුව
මගේ ඇස් ඉවතට ගන්න හැම වෙලේම
අයෙත් නුඹෙ ඇස් අතරෙ මම රින්ගුව
ඒ නුඹව විශ්වාස කරන්න නෙවෙයි
නුඹට ආදරෙය කරන්න හෙතුවක් හොයගන්න
හේතුවක් ලැබුනා
ඒ මම නුඹට ආදරෙයි කියන දේ විතරයි
ඉඩෝරෙ ඉවරවෙලා
වැහි වලාකුලු පිරිල
මහ වැහි වහිද්දි
කාලෙකට පස්සෙ වතුර පොදක සීතල දැනුනු පුන්චි එකෙක් වගෙ
මමත් ඒ ආදර වැස්සට තෙමි තෙමි හිටිය
තනියම නෙවෙයි
කාලෙකට පස්සෙ හීනියට හිනාවකුත් එක්ක
අනන්තයක් තරම් ආදරයක් මට දෙන
නුඹත් එක්ක......නුඹේ අහින්සක හිනාවත් එක්ක....
10 comments:
maaxa
ලස්සනයි. හිතට දැනෙන්න ලියල තියනවා.
ඔබට ජය.
http://blog.inetlanka.com/#5599
ඒකත් එහෙමද එතකොට... කොහොම උනත් ලස්සනයි..
සමනලීගේ කතාවත් තරමක් දුරට ඔය වගෙයි!!! හරිම ලස්සනයි දිනූ... හරිම ලස්සනයි.....
හරිම ලස්සනයි. හිතට වැදුන නියමෙටම. මනුස්ස රූපෙන් ඉන්න තිරිසන්නු ඉන්න ලෝකෙක ආදරේ හිමි වීම හරිම අමාරු දෙයක්. ඒක මම හොඳින්ම දන්නවා.
ලස්සනයි...ආදර වැස්සේ තෙමිනා උණ හෙම්බිරිස්සාව හදා ගන්න නම් එපා!
@ vidath...
බොහොම ස්තුතියි....
@ Raven....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........බොහොම ස්තුතියි....
@ Local Taboo...
I will try... thanks for info...
@කරුමක්කාරයා
හැමදේම වෙන්නෙ හොදටලුනෙ.... මටනම් සේරම උනේ හොදට....මනුස්ස රූපෙන් තිරිසන්නු ඉන්න ලෝකෙ මිනිස්සුත් ඉන්නව කියල මම දැන් දන්නව.... බොහොම ස්තුතියි...
@ punchisamanalee
අපි දෙන්නගෙ විතරක් නෙවෙයි.. ගොඩක් අයගෙ කතාව මේක වෙන්න ඇති.... ඔයාටත් ගොඩාක් ස්තුතියි....
@ විහඟිගෙ සිතුවිලි
ඒත් මනුස්ස ගති තියන මිනිස්සු ඉන්නකල් ඇත්ත ආදරයක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.... ඒත් ටිකක් කල් යනව... ටිකක් කල් ගිහින් මට ලැබුනු ආදරේ මට හැම දේකටම වඩා වටිනව....බොහොම ස්තුතියි ඔයාටත්...
@ Ravin Caldera
උන හෙම්බිරිස්සාව හැදුනට බයවෙන්න දෙයක් නෑ අයියේ.... හෙවනැල්ල මගෙ පස්සෙන්මනේ....හී හී
ඇත්ත. ඒත් අමනුස්සයන්ට අමනුස්සයොම තමා ලැබෙන්නෙ. ඔයා වගේ හොඳ අය ගොඩක් අඩුයි. හැමදාම සතුටින් ඉන්න. අමනුස්සයන්ගෙන් ඈත් වෙන්න මම කලා වගේ.
දිගටම ලියන්න...අපි රස විදිනව...ඔබට ජය හා සතුට..!
Post a Comment