තාමත් මම දකින්නෙ ඒ අහසමයි
එක තරුවක් හරි බබලනවා....
හරියට මගේ හිතලඟ නුඹ ඉන්නව වගේ
නුඹ මට ආදරෙය් කියද්දි
රෑ අහසෙ තරු ගොඩක් තිබුනා මට මතකයි
මම නුඹට ආදරෙයි කියද්දි
ඒ අහසෙම තිබුනෙ වැහි වලකුලු විතරමයි
මම හිතුවෙ වැහි වලකුලු වැස්සක් වෙලා
මහපොලවට කඩාවැටෙයි කියලා
ඔවු වැස්ස කඩාගෙන වැටුනා
ඒත් කෝ ....
එක වැහි බින්දුවක් පොලවට වැටිල නෑනෙ
මම නුඹේ දිහා බැලුව පුදුම වෙලා
නුඹ මගේ දිහා බලල හිනා උනා
නුඹේ දෝතම දිගුකරගෙන මගේ දිහාවට
මම නුඹේ දෝත දිහා බැලුවා
"වැහි වතුර...." මට ඉබේටම කියවුනා
"නෑ මේ ඔයාගෙ කඳුලු.... වැහි වතුරට වඩා බරයි...."
"පොලවට වැටුනොත් දරාගන්න බැරිවෙයි...."
"දැන් අහස පැහදිලියී... තරු පිරිලා ... ලස්සනයි..."
නුඹ අහස දිහා බලාගෙනඑහෙම කියද්දි
මම නුඹේ දිහා බලාගෙන හිටියා...
තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තරු දිලෙනව හැම රෑකම
වැහි වලාකුලක් පේන්නවත් නෑ....
මම නුඹට කුලුඳුලේ තුරුලුවෙද්දි
අපි දිහා බලාගෙන හිටිය අහසමයි ඒ...
ඒත් ඒ අහසයට එකම එක දෙයක්
හැම මොහොතකදිම අලුත් වෙනවා
ඒ මගේ හිතේ නුඹ ගැන තියන ආදරය.....
මම නුඹට ගොඩාක් ආදරෙයි....
එක තරුවක් හරි බබලනවා....
හරියට මගේ හිතලඟ නුඹ ඉන්නව වගේ
නුඹ මට ආදරෙය් කියද්දි
රෑ අහසෙ තරු ගොඩක් තිබුනා මට මතකයි
මම නුඹට ආදරෙයි කියද්දි
ඒ අහසෙම තිබුනෙ වැහි වලකුලු විතරමයි
මම හිතුවෙ වැහි වලකුලු වැස්සක් වෙලා
මහපොලවට කඩාවැටෙයි කියලා
ඔවු වැස්ස කඩාගෙන වැටුනා
ඒත් කෝ ....
එක වැහි බින්දුවක් පොලවට වැටිල නෑනෙ
මම නුඹේ දිහා බැලුව පුදුම වෙලා
නුඹ මගේ දිහා බලල හිනා උනා
නුඹේ දෝතම දිගුකරගෙන මගේ දිහාවට
මම නුඹේ දෝත දිහා බැලුවා
"වැහි වතුර...." මට ඉබේටම කියවුනා
"නෑ මේ ඔයාගෙ කඳුලු.... වැහි වතුරට වඩා බරයි...."
"පොලවට වැටුනොත් දරාගන්න බැරිවෙයි...."
"දැන් අහස පැහදිලියී... තරු පිරිලා ... ලස්සනයි..."
නුඹ අහස දිහා බලාගෙනඑහෙම කියද්දි
මම නුඹේ දිහා බලාගෙන හිටියා...
තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තරු දිලෙනව හැම රෑකම
වැහි වලාකුලක් පේන්නවත් නෑ....
මම නුඹට කුලුඳුලේ තුරුලුවෙද්දි
අපි දිහා බලාගෙන හිටිය අහසමයි ඒ...
ඒත් ඒ අහසයට එකම එක දෙයක්
හැම මොහොතකදිම අලුත් වෙනවා
ඒ මගේ හිතේ නුඹ ගැන තියන ආදරය.....
මම නුඹට ගොඩාක් ආදරෙයි....
9 comments:
ටිකක් අමුතු ඒත් සුන්දර නිර්මාණයක්.
හැමදාම ඔය දෙන්නාගෙ ආදරේ අළුත් වෙන්න කියල ප්රාර්ථනා කරනව.පටන්ගන්න හැමදවසකම අළුත් වෙන සුන්දර ආදරයට මගේ සුබ පැතුම්...
lassnai aa
lassanai aaa..
බැබලෙන තරු එලියෙන් ඔපවත් වෙලා....
උදාවන හැම හිරු කිරණින්ම ආලෝකමත් වෙලා...
සද එලියෙන් සිසිලස අරන්
ඔය සුන්දර ආදරේ මේ විසල් අහස යට
හැමදාමත් පරිස්සමට පවතීවා....
වෙනස් නිර්මාණයක්..හිතට දැනෙන දේ
අපූරුයි
සන්තෝෂයි කඳුළු නැති නිසාත්, සතුට වැඩි නිසාත්...එක ම අහස එත් දැනෙන්නේ අලුත් විදිහට; නැවුම් ලෙසට... ලස්සන ම ලස්සනයි!
@ නිෂ්
බොහොම ස්තුතියි....
@ පුන්චි සමනලී
ඔයාගෙ පැතුමටත් බොහොම පිං.... ඒ ආදරේ කවදාවත් නොමැකේවා කියල තමය් මමත් හැමදාම ප්රාර්තනා කරන්නේ...
@ දිල්...
බොහොම ස්තුතියි....
@රවින් කල්දේරා....
බොහොම ස්තුතියි අයියෙ හැමදාම වගේ අදත් මගේ කවිය කියවල රසවින්දට....
wow Like it loadz. Wish you 2 guys will make it a "happily a everafter".
Good Luck Dinu..
Post a Comment