වළාකුලට පැරදීලා නිල් අහසම සැඟවෙද්දී
කඳුලු සලා හිත හැඬුවා සඳ අහසෙහි බොඳවෙද්දී
ගනදුරු රෑ ආකාසේ තරු මං පෙත් අවුරද්දී
තනිවූ සිතුවිලි සැලුනා නෙතු කඳුලැලි වැගිරෙද්දී
පය පැකිලී ඇද වැටුනා දෙනෙත් අඳුර ගිලගද්දී
මඟ වැරදුනු බව දැනුනා සිත මත බිය රඟදෙද්දී
වැහි කෝඩෙට අහුවුනු පැතුමන් එකිනෙක බොඳවෙද්දී
සෙවනැල්ලත් අද නෑ මං ළඟ තනිකම රජවෙද්දී
අරුනැල්ලක් ඇවිදින් නෙතු පිය අස්සෙන් දිවයද්දී
හිරු ඇවිදින් නිල් අහසට ගනඳුර පසුබැසයද්දී
වෙව්ලන දෑඟිලි අතරින් උනුහුම ගත දැවටෙද්දී
හෙවනැල්ලත් යලි ඇවිදින් මගෙ තනිකම සිහිවෙද්දී
2013/01/04
2012/12/16
අතීතයෙ මං ලකුණු මකා සිත සනසලා
පලා ගිය සිනා ගෙන දී දෝත පුරවලා
සලා නෙතු පිය සලා යලි හදට ලං වෙලා
නුඹ හිඳී මා සමඟ හෙටක පෙරමං බලා
වෙලී දෑඟිලි තුඩින් උණුසුමට ගුලි වෙලා
සතුට සැනසුම අතර සෙනෙහෙ සුව රන්දලා
නෙතින් දොඩමලු වෙමින් මුවින් මදහස සලා
පාට පාටින් සිහින නුඹ යලිත් එලි කලා
එලිය දී මගෙ ලොවට පහන් කන්දක් වෙලා
කඳුලු ගංගා වලින් සිනා අස්වද්දලා
නොනිමි සෙනෙහසට යලි යලිත් අරුතක් වෙලා
පෙර සසරෙ පුරුදු ලෙස නුඹද මා එක් වෙලා
2012/12/07
I want something to hold
It's you and your hand so called
Close my eyes and be a bold
That is what I dream in gold
Met everyday but I'm not brave
Hide the dream and pretended a save
Understood you everything I gave
Felt I grounded in a grave
Want to keep away my eye
Designed a smile decorated with lie
Heard a word 'Why you always shy'
Come and hold my hand until die...
2012/10/20
නුඹත් නෑ සඳුත් නෑ
නිවෙන යලි දිලෙන තරු නොමියෙනා තුරාවට
සිහිනයේ තනිවෙනා අඳුරු රැය පුරාවට
නෙතු අතර කඳුලු බිඳු කල්මරන වෙලාවට
නුඹත් නෑ සඳුත් නෑ මගේ හුදකලාවට
ගඟක් සේ ගලාවිත් නතරවී මා සිතේ
සිසිල සදනා තුරා හමන මද මාරුතේ
දෙතොල් පෙති මත රැඳුනු සිනා නෑ අද වතේ
පමා වූ නුඹේ රුව ඇඳුනි මා නෙතු මතේ
පුරා පෙරුමන් සසර බලා නුඹ එන තුරා
සරා සඳ මියැදුනා යලිඳු නුඹ එන තුරා
පාරවා හිත් මඬල පහන් වූ රැය පුරා
නුඹ ගියා නොයෙන්නට මා සිහින ගෙන සොරා
නිවෙන යලි දිලෙන තරු නොමියෙනා තුරාවට
සිහිනයේ තනිවෙනා අඳුරු රැය පුරාවට
නෙතු අතර කඳුලු බිඳු කල්මරන වෙලාවට
නුඹත් නෑ සඳුත් නෑ මගේ හුදකලාවට
ගඟක් සේ ගලාවිත් නතරවී මා සිතේ
සිසිල සදනා තුරා හමන මද මාරුතේ
දෙතොල් පෙති මත රැඳුනු සිනා නෑ අද වතේ
පමා වූ නුඹේ රුව ඇඳුනි මා නෙතු මතේ
පුරා පෙරුමන් සසර බලා නුඹ එන තුරා
සරා සඳ මියැදුනා යලිඳු නුඹ එන තුරා
පාරවා හිත් මඬල පහන් වූ රැය පුරා
නුඹ ගියා නොයෙන්නට මා සිහින ගෙන සොරා
2010/09/17
එන්න
සිතුවිල්ලක වෙලී හුදකලාවක
නුඹේ නෙත් යුග අතර දැවටී
සිනාවක සේයාවක් සොයා
ඇවිද යන්නට
අවසරදුන් ඇසිල්ලක
නවතින්නට සිතුනුමුත්
පවුරු බැඳි එක්ටැමින්
එහා ලොව මට අවැසි නොවුනද
එක්ටැම නුඹට අවැසිවේ නම්
එන්න මා රැගෙන යන්න
නුඹ මා දුටු සිහිනයට
කඳුලකට තනිරකින
පරවුණු හිතක්
නුඹ පමනමයි පිලිසරන
දැන දැන ඇයි පමාවක්
එන්න නවතින්න මොහොතකට
කල්පයක් සේ දැනෙන්නට
2010/08/05
වලා පෙලට හැකිනම් රෑ තරු ගෙත්තම් කරන්න
සුලං රැලින් හැකිනම් මල් සුවඳ කරා ඇදෙන්න
දේදුන්නට හැකිනම් මන්දාරම එළි කරන්න
නුඹේ සිතට හැකිනම් කඳුලක් දියකර හරින්න
තලා පෙලා රිදවාලා මලින් මලට ඇදෙන්න
බිඟු රල සේනා නොකැමති ඇයි මල නොරිදවන්න
මලෙක මෙලෙක දැක නොතලා මලෙකින් රොන් සොයන්න
සමනලයෙකි නුඹ සුසිනිදු මල්පෙති සුව විඳින්න
නෙතින් ගැයූ කවි පදයට තනුවක් එක් කරන්න
දහසක් නෙත් අතරින් විත් මගෙ නෙත් ලඟ රැඳෙන්න
පෙරුම් පුරා පැතු සෙනෙහස මා වෙතටම ලැබෙන්න
සිනාවකට ඉඩදී මගෙ හිත ලඟ තනි රකින්න්න
2010/07/28
නැගෙන හිරු නුඹයි - පිපෙන මල මමයි
අඳුරු රැය නුඹයි - රැයට තරු මමයි
ගලන ගඟ නුඹයි - විටෙක සැඩ තමයි
වරෙක නිසසලයි - හමායන සුලඟ සේ
සෙනෙහෙ විල නුඹයි - විලට දිය මමයි
මලෙක රොන් නුඹයි - රොනට බිඟු මමයි
සයුරු තෙර නුඹයි - ක්ෂිතිජ ඉම දුරයි
නැගෙන රැලි හැඩයි - නුඹේ හසරැල්ල සේ
කඳුලු බිඳු මකයි - සිනා මල් ගොඩයි
සතුට සුන්දරයි - රැදුනු සිත මගෙයි
දිලෙන සඳු නුඹයි - විටෙක පෙම්බරයි
වරෙක පින්බරයි - අපේ ආදරය සේ
2010/06/06
This is for u.......
දෑස පුරා පිරි කඳුලැලි අතර රැඳී
නින්දේ නොනින්දේ හෙළු දුක් සුසුම් පොදී
ඇල් සුළඟකට මුසු වීගෙන හමා ඇදී
නුඹේ හිතත් හැඬවූවා රිදුම් දිදී
මා නෙතු මතින් සෙවනක් නොදුටුව දෑසේ
උණු කඳුලැලි පිරුනිදෝ මා වෙනුවෙන් රහසේ
නොදුටුව ලෙසින් සිටියද මඟහැර පෙරසේ
ඇඳුනා නුඹේ රුව යලි යලි මා මනසේ
තරු මල් දිලෙන සඳ සුදිලෙන අඳුර මැදින්
විල් දිය මතින් පූදින මල් සුවඳ ලෙසින්
මා සිත ලඟම දැවටී නුඹ සෙනෙහෙ සිතින්
තනි නොතනියට ලඟ සිටියා පියෙකු වෙමින්.....
නින්දේ නොනින්දේ හෙළු දුක් සුසුම් පොදී
ඇල් සුළඟකට මුසු වීගෙන හමා ඇදී
නුඹේ හිතත් හැඬවූවා රිදුම් දිදී
මා නෙතු මතින් සෙවනක් නොදුටුව දෑසේ
උණු කඳුලැලි පිරුනිදෝ මා වෙනුවෙන් රහසේ
නොදුටුව ලෙසින් සිටියද මඟහැර පෙරසේ
ඇඳුනා නුඹේ රුව යලි යලි මා මනසේ
තරු මල් දිලෙන සඳ සුදිලෙන අඳුර මැදින්
විල් දිය මතින් පූදින මල් සුවඳ ලෙසින්
මා සිත ලඟම දැවටී නුඹ සෙනෙහෙ සිතින්
තනි නොතනියට ලඟ සිටියා පියෙකු වෙමින්.....
2010/05/28
මතකයි
සෙනෙහස නොදැණුනු හිතලඟ තනි වී
නුඹෙ නෙතු හැඬුවා මට මතකයි.....
කඳුලක හිරිකඩ සුසුමක දැවටී
හිතමත හැමුවා මට මතකයි.....
අඳුරක තනි වී මැලවුණු නෙතු මත
හිරු කිරණක් වැටුණා මතකයි....
අමාවකට හඳ පායන විලසින්
නුඹ මාවෙත ආවා මතකයි........
සිත් මලුවේ පරවුණු මල් වෙනුවට
සුපිපි නෙලුම් දිලුණා මතකයි.....
පහන් වැට පුරා දැල්වූ පහනින්
සිතක් එලිකලා මට මතකයි....
පුරහඳ රෑ තරු දිලෙනා තරමට
මා නෙතු හැඬුවා මට මතකයි....
මුහුණ හොවා නුඹෙ ලයමත සැතපී
නුදුටු ලොවක් දුටුවා මතකයි.....
නුඹෙ නෙතු හැඬුවා මට මතකයි.....
කඳුලක හිරිකඩ සුසුමක දැවටී
හිතමත හැමුවා මට මතකයි.....
අඳුරක තනි වී මැලවුණු නෙතු මත
හිරු කිරණක් වැටුණා මතකයි....
අමාවකට හඳ පායන විලසින්
නුඹ මාවෙත ආවා මතකයි........
සිත් මලුවේ පරවුණු මල් වෙනුවට
සුපිපි නෙලුම් දිලුණා මතකයි.....
පහන් වැට පුරා දැල්වූ පහනින්
සිතක් එලිකලා මට මතකයි....
පුරහඳ රෑ තරු දිලෙනා තරමට
මා නෙතු හැඬුවා මට මතකයි....
මුහුණ හොවා නුඹෙ ලයමත සැතපී
නුදුටු ලොවක් දුටුවා මතකයි.....
2010/05/23
හඳේ ඉන්න හාවා....
හඳේ ඉන්න හාවා
පොලව දිහා බලාගෙන ඉන්නව...
ඌ දඩයම් කරගන්න පුලුවන්නම්....
පුලුවන්නම් නෙවෙයි මට පුලුවන්...
ගෙනාවා ඊතලේකුයි දුන්නකුයි
අදත් බලාගෙනම ඉන්නවා
හරියට එල්ල කලා
එල්ලෙ ගන්න විතරක් අවුරුදු ගානක මහන්සියක්
මහන්සිය වගේද....
හඳේ ඉන්න හාවා ලැබෙනවනම්...
දුනු ශිල්පය දැන් මට කජු කනව වගේ.....
දවසක්....රෑ
පරිස්සමට දුන්නෙන් ඊතලය නිදහස් කලා
හඳේ ඉන්න හාවට එල්ල කරල
එත්..?????
හඳේ හාවෙක් නැතිලු....?????
කමක් නෑ....
මම දැන් දුනු ශිල්පය දන්නවනේ....
2010/05/14
ලොවම නිදිගත් යාමයේ
ලොවම නිදිගත් යාමයේ
මැකී නොමැකී මගේ නෙතු මත
ඇඳෙන නුඹෙ රූ
සොයා ආවෙමි සිහිනයක සැරිසරා......
ලොවම නිදිගත් යාමයේ
රැය උදාවන තෙක්ම දැවටී
මා ගතේ උණුසුම සොයා
නැවුම් උණුසුම් සුසුම් කැටිකර
මගේ තනියට ලඟ තියා
අඳුර මඟ අහුරා තියෙන තුරු
සිහින අතරේ මා දමා
හෙට දිනේ හිරු රැගෙන එන්නට
අඳුර මැද නුඹ නොපෙනී ගියා...................
ක්ෂිතිජ ඉම රේඛා මතින් පැන
තනිව හිඳිනට අවැසි මුත්
මා සිතට සැනසුම රැගෙන එන්නට
කරමි ආරාධනා.........
ලොවම නිදිගත් යාමයේ
හෝරා කීපයක් හෝ...........
නුඹ කියාදුන් ජීවිතය
විඳින්නට අවැසි නම්
නුඹ තුරුලේ උණුසුම විඳිමින්
වදනකුදු නොදොඩා
දෙනෙතින් දොඩමලු වෙමින්
රාත්‍රිය පහන් වන තුරු
තරු නිදන තුරු
සඳු මියෙන තුරු
හිරු නැගෙන තුරු
හෝරා කීපයක් හෝ..........................
දෑඟිලි පටලාගෙන
නුඹේ ලය මත සැතපීගෙන
දෙසවන් මත පතිතවන
නුඹේ සුසුම් පොදක හඬට
රාත්‍රියේ නිහඬ බව බිඳින්නට
අනුරාගී නෙතු අඩවන්කර
දඟකාර දෙතොලින්
ඇරයුම් කරනු වස්
රැඳෙන්න මා අසලම
මුළු ලොවම නිදිගත් යාමයේ
නිදි ලොවින් නික් මී
අපේම සුන්දර කැදැල්ල තුල......
2010/05/02
තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තාමත් මම දකින්නෙ ඒ අහසමයි
එක තරුවක් හරි බබලනවා....
හරියට මගේ හිතලඟ නුඹ ඉන්නව වගේ
නුඹ මට ආදරෙය් කියද්දි
රෑ අහසෙ තරු ගොඩක් තිබුනා මට මතකයි
මම නුඹට ආදරෙයි කියද්දි
ඒ අහසෙම තිබුනෙ වැහි වලකුලු විතරමයි
මම හිතුවෙ වැහි වලකුලු වැස්සක් වෙලා
මහපොලවට කඩාවැටෙයි කියලා
ඔවු වැස්ස කඩාගෙන වැටුනා
ඒත් කෝ ....
එක වැහි බින්දුවක් පොලවට වැටිල නෑනෙ
මම නුඹේ දිහා බැලුව පුදුම වෙලා
නුඹ මගේ දිහා බලල හිනා උනා
නුඹේ දෝතම දිගුකරගෙන මගේ දිහාවට
මම නුඹේ දෝත දිහා බැලුවා
"වැහි වතුර...." මට ඉබේටම කියවුනා
"නෑ මේ ඔයාගෙ කඳුලු.... වැහි වතුරට වඩා බරයි...."
"පොලවට වැටුනොත් දරාගන්න බැරිවෙයි...."
"දැන් අහස පැහදිලියී... තරු පිරිලා ... ලස්සනයි..."
නුඹ අහස දිහා බලාගෙනඑහෙම කියද්දි
මම නුඹේ දිහා බලාගෙන හිටියා...
තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තරු දිලෙනව හැම රෑකම
වැහි වලාකුලක් පේන්නවත් නෑ....
මම නුඹට කුලුඳුලේ තුරුලුවෙද්දි
අපි දිහා බලාගෙන හිටිය අහසමයි ඒ...
ඒත් ඒ අහසයට එකම එක දෙයක්
හැම මොහොතකදිම අලුත් වෙනවා
ඒ මගේ හිතේ නුඹ ගැන තියන ආදරය.....
මම නුඹට ගොඩාක් ආදරෙයි....
එක තරුවක් හරි බබලනවා....
හරියට මගේ හිතලඟ නුඹ ඉන්නව වගේ
නුඹ මට ආදරෙය් කියද්දි
රෑ අහසෙ තරු ගොඩක් තිබුනා මට මතකයි
මම නුඹට ආදරෙයි කියද්දි
ඒ අහසෙම තිබුනෙ වැහි වලකුලු විතරමයි
මම හිතුවෙ වැහි වලකුලු වැස්සක් වෙලා
මහපොලවට කඩාවැටෙයි කියලා
ඔවු වැස්ස කඩාගෙන වැටුනා
ඒත් කෝ ....
එක වැහි බින්දුවක් පොලවට වැටිල නෑනෙ
මම නුඹේ දිහා බැලුව පුදුම වෙලා
නුඹ මගේ දිහා බලල හිනා උනා
නුඹේ දෝතම දිගුකරගෙන මගේ දිහාවට
මම නුඹේ දෝත දිහා බැලුවා
"වැහි වතුර...." මට ඉබේටම කියවුනා
"නෑ මේ ඔයාගෙ කඳුලු.... වැහි වතුරට වඩා බරයි...."
"පොලවට වැටුනොත් දරාගන්න බැරිවෙයි...."
"දැන් අහස පැහදිලියී... තරු පිරිලා ... ලස්සනයි..."
නුඹ අහස දිහා බලාගෙනඑහෙම කියද්දි
මම නුඹේ දිහා බලාගෙන හිටියා...
තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තරු දිලෙනව හැම රෑකම
වැහි වලාකුලක් පේන්නවත් නෑ....
මම නුඹට කුලුඳුලේ තුරුලුවෙද්දි
අපි දිහා බලාගෙන හිටිය අහසමයි ඒ...
ඒත් ඒ අහසයට එකම එක දෙයක්
හැම මොහොතකදිම අලුත් වෙනවා
ඒ මගේ හිතේ නුඹ ගැන තියන ආදරය.....
මම නුඹට ගොඩාක් ආදරෙයි....
2010/04/18
this z for u...............
අහස පුරා ඇදී යන්න
වලාකුලට ඉඩ හරින්න
සුසුම් සොයා ඇදී එන්න
මඳ පවනට ඉඩ හරින්න
මන්දාරම එලි කරන්න
දේදුන්නට ඉඩහරින්න
ආදරයේ සුවය දිදී
මගෙ හදවත සොරා ගන්න.....
ඇඳුර මකා එලිය දෙන්න
තරු නෙත් යුග හැර බලන්න
සැඳෑ කලෙක හෙමින් සැරේ
සඳු සේ අහසට වඩින්න
හෙවනැල්ලට මුවා වෙන්න
මා අසලම රැඳී ඉන්න
කඳුල මකා සිනහ ගෙනත්
නුඹ මා ලඟ නතරවෙන්න.....
වෙරල වගේ මග බලන්න
සයුර වගේ නිසල වෙන්න
තුරුපත් වී සෙවන දෙමින්
ඉඩෝරයට සිසිල දෙන්න
ගඟක් වගේ ගලා යන්න
ජීවිතයට මඟ කියන්න
මතු මතුවට මගේම වී
මගෙ ලෝකය හැඩ කරන්න......
වලාකුලට ඉඩ හරින්න
සුසුම් සොයා ඇදී එන්න
මඳ පවනට ඉඩ හරින්න
මන්දාරම එලි කරන්න
දේදුන්නට ඉඩහරින්න
ආදරයේ සුවය දිදී
මගෙ හදවත සොරා ගන්න.....
ඇඳුර මකා එලිය දෙන්න
තරු නෙත් යුග හැර බලන්න
සැඳෑ කලෙක හෙමින් සැරේ
සඳු සේ අහසට වඩින්න
හෙවනැල්ලට මුවා වෙන්න
මා අසලම රැඳී ඉන්න
කඳුල මකා සිනහ ගෙනත්
නුඹ මා ලඟ නතරවෙන්න.....
වෙරල වගේ මග බලන්න
සයුර වගේ නිසල වෙන්න
තුරුපත් වී සෙවන දෙමින්
ඉඩෝරයට සිසිල දෙන්න
ගඟක් වගේ ගලා යන්න
ජීවිතයට මඟ කියන්න
මතු මතුවට මගේම වී
මගෙ ලෝකය හැඩ කරන්න......
2010/04/10
නුඹත් එක්ක.....
ඇස් දෙකට නින්දක් නොදී
හැම ආත්මෙකදිම වගේ
මම මගබලාගෙන හිටිය
මේ ආත්මෙදිත්
නුඹ මගෙ ලඟට එනකල්.....
නුඹ ආවා
එත් අතීතයක ජීවත් උනු මට
වර්තමානය අනාගතය හීනයක් උනා
නුඹේ උනුහුම දැනෙද්දි
හිනාවෙන්න පවා මට බය හිතුනා
කඳුල මාව හිරකරගෙන හිටියා
මට ඔන උනා
මම නුඹට ආදරෙයි කියල කියන්න
ඒත්...............
මනුස්ස රූපෙන් තිරිසන්නු ඉන්න ලොකෙක
දිගට හරහට බැට කද්දි
ලොකෙටම පේන්න හුස්ම ගත්තත්
මලමිනියක් වගේ ජීවත් වෙද්දි
නුඹ ගැන හිතන්න පවා මම බය උනා
ඒත් ඔය අහින්සක ඇස් දෙකට වහන් වෙලා
ඈත් වෙලා ඉන්න හැදුවත්
හිනාව මට අත වනන්න ගත්ත
ජීවිතය මට දොරගුලු අරින්න ගත්ත
මම නුඹ ලඟ නැවතුන
මොහොතකට නෙවෙයි.... හැමදාටම
එක පාරක් නුඹේ ඇස් දිහා බැලුව
ආයෙත් බැලුව
මගේ ඇස් ඉවතට ගන්න හැම වෙලේම
අයෙත් නුඹෙ ඇස් අතරෙ මම රින්ගුව
ඒ නුඹව විශ්වාස කරන්න නෙවෙයි
නුඹට ආදරෙය කරන්න හෙතුවක් හොයගන්න
හේතුවක් ලැබුනා
ඒ මම නුඹට ආදරෙයි කියන දේ විතරයි
ඉඩෝරෙ ඉවරවෙලා
වැහි වලාකුලු පිරිල
මහ වැහි වහිද්දි
කාලෙකට පස්සෙ වතුර පොදක සීතල දැනුනු පුන්චි එකෙක් වගෙ
මමත් ඒ ආදර වැස්සට තෙමි තෙමි හිටිය
තනියම නෙවෙයි
කාලෙකට පස්සෙ හීනියට හිනාවකුත් එක්ක
අනන්තයක් තරම් ආදරයක් මට දෙන
නුඹත් එක්ක......නුඹේ අහින්සක හිනාවත් එක්ක....
හැම ආත්මෙකදිම වගේ
මම මගබලාගෙන හිටිය
මේ ආත්මෙදිත්
නුඹ මගෙ ලඟට එනකල්.....
නුඹ ආවා
එත් අතීතයක ජීවත් උනු මට
වර්තමානය අනාගතය හීනයක් උනා
නුඹේ උනුහුම දැනෙද්දි
හිනාවෙන්න පවා මට බය හිතුනා
කඳුල මාව හිරකරගෙන හිටියා
මට ඔන උනා
මම නුඹට ආදරෙයි කියල කියන්න
ඒත්...............
මනුස්ස රූපෙන් තිරිසන්නු ඉන්න ලොකෙක
දිගට හරහට බැට කද්දි
ලොකෙටම පේන්න හුස්ම ගත්තත්
මලමිනියක් වගේ ජීවත් වෙද්දි
නුඹ ගැන හිතන්න පවා මම බය උනා
ඒත් ඔය අහින්සක ඇස් දෙකට වහන් වෙලා
ඈත් වෙලා ඉන්න හැදුවත්
හිනාව මට අත වනන්න ගත්ත
ජීවිතය මට දොරගුලු අරින්න ගත්ත
මම නුඹ ලඟ නැවතුන
මොහොතකට නෙවෙයි.... හැමදාටම
එක පාරක් නුඹේ ඇස් දිහා බැලුව
ආයෙත් බැලුව
මගේ ඇස් ඉවතට ගන්න හැම වෙලේම
අයෙත් නුඹෙ ඇස් අතරෙ මම රින්ගුව
ඒ නුඹව විශ්වාස කරන්න නෙවෙයි
නුඹට ආදරෙය කරන්න හෙතුවක් හොයගන්න
හේතුවක් ලැබුනා
ඒ මම නුඹට ආදරෙයි කියන දේ විතරයි
ඉඩෝරෙ ඉවරවෙලා
වැහි වලාකුලු පිරිල
මහ වැහි වහිද්දි
කාලෙකට පස්සෙ වතුර පොදක සීතල දැනුනු පුන්චි එකෙක් වගෙ
මමත් ඒ ආදර වැස්සට තෙමි තෙමි හිටිය
තනියම නෙවෙයි
කාලෙකට පස්සෙ හීනියට හිනාවකුත් එක්ක
අනන්තයක් තරම් ආදරයක් මට දෙන
නුඹත් එක්ක......නුඹේ අහින්සක හිනාවත් එක්ක....
2010/03/19
නුඹ මා ලඟ රැඳුනා ........
තරු දිලුනට නිල් අහසට
තරු ඈතයි රැඳෙන්නේ
මල් පිපුනට අතු අද්දර
පරවී පෙති ගිලිහුනේ
සඳ නොදුටුව අමාවකේ
අඳුරයි නෙතු තනි කලේ
නුඹ ඇවිදින් තනිවුනු සිත්
අහසක් යලි එලි කලේ
කඳුලු බින්දු හන්ගා
නෙතු සිනා කැකුලු රන්දා
මල් සුවඳෙ සුසුම් රන්දා
ආදර සුව මම වින්දා
සිත් සන්තානේ නැවතී
නෙතු අද්දර නුඹ තනිවී
සෙනෙහස මෙයැයි කියදී
නුඹ මා ලඟ රැඳුනා ........
තරු ඈතයි රැඳෙන්නේ
මල් පිපුනට අතු අද්දර
පරවී පෙති ගිලිහුනේ
සඳ නොදුටුව අමාවකේ
අඳුරයි නෙතු තනි කලේ
නුඹ ඇවිදින් තනිවුනු සිත්
අහසක් යලි එලි කලේ
කඳුලු බින්දු හන්ගා
නෙතු සිනා කැකුලු රන්දා
මල් සුවඳෙ සුසුම් රන්දා
ආදර සුව මම වින්දා
සිත් සන්තානේ නැවතී
නෙතු අද්දර නුඹ තනිවී
සෙනෙහස මෙයැයි කියදී
නුඹ මා ලඟ රැඳුනා ........
2010/03/02
මගෙ හිත ලඟ රැඳුණා......
වෙල් එළියේ ඇල් පවනට නුඹේ සුසුම් මුසුවුණු දා
ගිණියම් වූ හිත් මඬලට මල් වැහි වැටුනා
මතකයි නුඹෙ තරුනෙත් රෑ අහසේ දිලුණා
සඳ නොනැඟුණු අමාවකට අහසේ දිලුණා
හිත් අහසේ දිලුණා......
වසන්තයේ මඳ පවනට නුඹේ සුවඳ මුසුවුණු දා
මල් නොපිපුණු හිත් යායේ කැකුළු පීදුනා
මතකයි නුඹෙ ආදරයේ සුවඳ පැතිරුණ
නුඹ සිහිවෙන හැම විටෙකම සුවඳ පැතිරුණා
නුඹෙ සුවඳ පැතිරුණා......
සිනාවකට ඉඩක් නොදී කඳුලක් නෙත නැවතුණු දා
බිඳුණු හිතක හීන සොයා නුඹෙ සිත ඇදුනා
මතකයි නුඹ සිනාව ගෙන මගෙ ලඟ රැඳුණා
නිමක් නොදුටු සසර පුරා මගෙ ලඟ රැඳුණා
මගෙ හිත ලඟ රැඳුණා.....
ගිණියම් වූ හිත් මඬලට මල් වැහි වැටුනා
මතකයි නුඹෙ තරුනෙත් රෑ අහසේ දිලුණා
සඳ නොනැඟුණු අමාවකට අහසේ දිලුණා
හිත් අහසේ දිලුණා......
වසන්තයේ මඳ පවනට නුඹේ සුවඳ මුසුවුණු දා
මල් නොපිපුණු හිත් යායේ කැකුළු පීදුනා
මතකයි නුඹෙ ආදරයේ සුවඳ පැතිරුණ
නුඹ සිහිවෙන හැම විටෙකම සුවඳ පැතිරුණා
නුඹෙ සුවඳ පැතිරුණා......
සිනාවකට ඉඩක් නොදී කඳුලක් නෙත නැවතුණු දා
බිඳුණු හිතක හීන සොයා නුඹෙ සිත ඇදුනා
මතකයි නුඹ සිනාව ගෙන මගෙ ලඟ රැඳුණා
නිමක් නොදුටු සසර පුරා මගෙ ලඟ රැඳුණා
මගෙ හිත ලඟ රැඳුණා.....
2010/02/06
නුඹ.....................
කඳුලකට සිනාවක් වුණු නුඹ
සිනාවට සුන්දර මතකයක් වුණු නුඹ
සුන්දර මතකයට සිහිනයක් වුණු නුඹ
සිහිනයට අරුතක් වුණු නුඹ
අරුතට ආදරයක් වුණු නුඹ
ආදරයට ජීවිතයක් වුණු නුඹ
ජීවිතයට එළියක් වුණු නුඹ...........
2009/12/07
නුඹ ලස්සන හීනයක්............
නිදි වරන නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්............
ඉටු නොවෙන බව දැන දැනත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්........
දෑඟිලි පටලගෙන පියනොමැන්නත්
ලැමදට තුරුල් වෙලා නොහිටියත්
ආසවෙන් බලාගෙන ඉන්නපුලුවන්
ලස්සන හීනයක්.........
ආදරේ හිතයට තදකරගෙන
මුලු ලෝකෙම රවට්ටල මාවත් රවට්ටන
නුඹේ අහින්සක හිත
වැටකඩුලු වලින් රින්ගල
මේ හිතලඟ තනිවෙන්න හදද්දි
නොතේරුනා වගේ හිටියත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්
නුඹේ අහින්සක ඇස් දෙකට වහන් වෙලා
නුඹේ හිතට ලන්වෙන්න පුලුවන්නම්
ජීවිතේ පුරාවටම නුඹේ වෙන්න
හීන දකින්න අවසර නෑ මට
ඒත් නුඹ ලස්සන හීනයක්
නිදි වරන මගේ නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්..........
තාමත්
නුඹ ලස්සන හීනයක්............
ඉටු නොවෙන බව දැන දැනත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්........
දෑඟිලි පටලගෙන පියනොමැන්නත්
ලැමදට තුරුල් වෙලා නොහිටියත්
ආසවෙන් බලාගෙන ඉන්නපුලුවන්
ලස්සන හීනයක්.........
ආදරේ හිතයට තදකරගෙන
මුලු ලෝකෙම රවට්ටල මාවත් රවට්ටන
නුඹේ අහින්සක හිත
වැටකඩුලු වලින් රින්ගල
මේ හිතලඟ තනිවෙන්න හදද්දි
නොතේරුනා වගේ හිටියත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්
නුඹේ අහින්සක ඇස් දෙකට වහන් වෙලා
නුඹේ හිතට ලන්වෙන්න පුලුවන්නම්
ජීවිතේ පුරාවටම නුඹේ වෙන්න
හීන දකින්න අවසර නෑ මට
ඒත් නුඹ ලස්සන හීනයක්
නිදි වරන මගේ නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්..........
2009/11/27
හෙවනැල්ල
මගේ පස්සෙන්මයි....
ඒත් තවම නුඹ අඳුරුයි....
කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....
කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....
හිතෙ තියන මහා ලෙන්ගතුකමට
මගේ ලඟ හිටියට
කිසිම වෙලාවක පෙන්නුවෙ නෑ
හෙවනැල්ල මට ආදරෙයි කියල
ජීවිතේට නොහිතපු වෙලාවක නොහිතපු විදියෙ කෙනෙක් ආවොත්................
හෙවනැල්ල , මගේ ජීවිතේට නොහිතපු වෙලාවක ආපු හෙවනැල්ල....... හෙවනැල්ල නිකන් අදහසක් විතරක් උනත් ඒක හැබෑවක් වෙයි කියල හිතේ පොඩ්ඩක්වත් අදහසක් තිබුනෙ නෑ... හෙවනැල්ල මගේ ජීවිතේට ආවට පස්සෙ මම හිනා උනා...... ගොඩක් හිනා උනා.... කවදාවත් නැතිතරම් හිනාඋනා..... මගේ ජීවිතේ කවුරුහරි වෙලා හෙවනැල්ල මගේ ලඟ ඉන්නව කියන විශ්වාසය මට තියනව..... හෙවනැල්ල මට කියපු සමහර දේවල් නිසා මම ආයෙත් ජීවත්වෙනව කියන දේ මට දැනෙනව..... අඳුරු හෙවනැල්ල ........... ගල්වල හැප්පි හැප්පි මාත් එක්කම මගේ ලඟින්ම හිටපු හෙවනැල්ල.... ඇත්තටම හෙවනැල්ල හැබෑවක්.......
ඒත් තවම නුඹ අඳුරුයි....
කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....
කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....
හිතෙ තියන මහා ලෙන්ගතුකමට
මගේ ලඟ හිටියට
කිසිම වෙලාවක පෙන්නුවෙ නෑ
හෙවනැල්ල මට ආදරෙයි කියල
ජීවිතේට නොහිතපු වෙලාවක නොහිතපු විදියෙ කෙනෙක් ආවොත්................
හෙවනැල්ල , මගේ ජීවිතේට නොහිතපු වෙලාවක ආපු හෙවනැල්ල....... හෙවනැල්ල නිකන් අදහසක් විතරක් උනත් ඒක හැබෑවක් වෙයි කියල හිතේ පොඩ්ඩක්වත් අදහසක් තිබුනෙ නෑ... හෙවනැල්ල මගේ ජීවිතේට ආවට පස්සෙ මම හිනා උනා...... ගොඩක් හිනා උනා.... කවදාවත් නැතිතරම් හිනාඋනා..... මගේ ජීවිතේ කවුරුහරි වෙලා හෙවනැල්ල මගේ ලඟ ඉන්නව කියන විශ්වාසය මට තියනව..... හෙවනැල්ල මට කියපු සමහර දේවල් නිසා මම ආයෙත් ජීවත්වෙනව කියන දේ මට දැනෙනව..... අඳුරු හෙවනැල්ල ........... ගල්වල හැප්පි හැප්පි මාත් එක්කම මගේ ලඟින්ම හිටපු හෙවනැල්ල.... ඇත්තටම හෙවනැල්ල හැබෑවක්.......
Subscribe to:
Posts (Atom)